ඉන්සී සිමෙන්ති- ස්වදේශ කටයුතු අවබෝධතා ගිවිසුමක

0
580

දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු තාක්ෂණ නිලධාරීන් 350 කට අධික පිරිසක්  මාස 6 ක පුහුණුවකට යොමු කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සඳහා ඉන්සී සිමෙන්ති සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදු කෙරිණි.

මෙම ගිවිසුමට අනුව  වෘත්තීය පුහුණු අධිකාරිය හා එක්ව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන අතර කොළඹ, ගාල්ල, නුවර, පුත්තලම හා බදුල්ල යන මධ්‍යස්ථාන 5ක් තුළදී මෙම තාක්ෂණ නිලධාරීන්ගේ පුහුණුව සිදු වේ.

තාක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීයට සරිලන ලෙස නවීන තාක්ෂණික දැනුම සිය වෘත්තියට යොමු කිරීම පිළිබඳව විශේෂයෙන්ම මෙම පුහුණුව තුළින් ලබාදීමට අපේකෂිතය. INSEE සිමෙන්ති සමාගම මෙම තාක්ෂණික නිලධාරි පුහුණුව සඳහා ආයෝජිත මුදල රුපියල් මිලියන 5 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here