Sunday, January 26, 2025

තාත්තේ මගේ අත හරි අමාරුයි… – මියගිය වෛද්‍ය දියණිය ගැන තාත්තා කියු සංවේදී කතාව

කොවිඩි නියුමෝනියා රෝගී තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් මියගොස් ඇත.

පසුගිය 23 වනදා කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මේ බව අනාවරණය විය.

මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ (31) නමැති වෛද්‍යවරියකි.

ඇය ආසිරි පෙදෙස, රජමාවත, රත්මලාන ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙකී වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදී අගෝස්තු මස 23 වැනිදින ඇඟපත වේදනාව නිසා කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණයක් සිදුකරගෙන ඇත.

එම පරීක්ෂණ ප‍්‍රතිපල අනුව මෙකී වෛද්‍යවරියට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පසුව ඇය ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඞ් වෛද්‍ය මධ්‍යස්ථානයක ප‍්‍රතිකාර ලබමින් සිට රෝගි තත්වය උත්සන්නවීම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප‍්‍රතිකාර ලබමින් සිට ඇත.

පසුගිය 02 වැනි දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත‍්‍රයේ ආධාරයෙන් ප‍්‍රතිකාර ලබාදීම සඳහා කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇත.

රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදින පස්වරුවේ වෛද්‍යවරිය මියගොස් ඇත.

මියගිය වෛද්‍යවරියගේ පියා වන වතු අධිකාරි යට්ටෝවිට විතානගේ නිරංජන් දිල්ෂාන් හේමපාල හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

Gossiplankanews

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles