Saturday, September 21, 2024

තායිලන්ත රජුගේ සෞඛ්‍ය තත්ත්වය තවත් පිරිහිලා

තායිලන්තයේ රාජ්‍යත්වය දරණ භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ සෞඛ්‍යය ඉතා අයහපත් තත්ත්වයක පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

88 හැවිරිදි වියෙහි පසුවන භූමිබෝල් රජු ලෝකයේ වැඩිම කාලයක් රාජ්‍යයත්වය දැරූ රජතුමා වන අතර, ඔහු මේ වනවිට රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. එමෙන්ම, කෘත්‍රිම ශ්වසනය ලබාදීම සඳහාද රජතුමා යොමුකර ඇති බව එරට රජ මාලිගය නිවේදනය කරයි.

එමෙන්ම, භූමිබේල් රජුගේ සෞඛ්‍යය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහුට පැවරී ඇති නිල රාජකාරී කටයුතු සියල්ලෙන්ම රජු ඉවත්කර තැබීමට කටයුතු කළ බවද ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති.

වසර 70ක් තරම් දීර්ඝ කාලයක් රජකම් කරන තායිලන්ත රජතුමා එරට මහජනයා අතර ගෞරවාදරය හිමිකරගත් පාලකයකු වෙයි.

කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය පුරාම ඔහු වරින්වර රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් අතර, එම කාලය තුළ ඔහු කිසිදු රාජ්‍ය උත්සවයකට හෝ ජාතිය ඇමතීමට සහභාගී නොවීය.thailand-king-2

A well-wisher holds a lit candle and a portrait of Thailand's King Bhumibol Adulyadej at Siriraj hospital, where a group has gathered to mark his 88th birthday, in Bangkok, Thailand, December 5, 2015.  REUTERS/Chaiwat Subprasom        EDITORIAL USE ONLY. NO RESALES. NO ARCHIVE
A well-wisher holds a lit candle and a portrait of Thailand’s King Bhumibol Adulyadej at Siriraj hospital, where a group has gathered to mark his 88th birthday, in Bangkok, Thailand, December 5, 2015. REUTERS/Chaiwat Subprasom EDITORIAL USE ONLY. NO RESALES. NO ARCHIVE

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles