තායිලන්ත වැසියෝ රජුගේ වියෝව දරාගත නොහැකිව

0
418
A person holds a photo of Thailand's King Bhumibol Adulyadej as people react to his death on October 13, 2016 at Siriraj Hospital in Bangkok. Thailand's King Bhumibol Adulyadej has died after a long illness, the palace announced on October 13, ending a remarkable seven-decade reign and leaving a divided people bereft of a towering and rare figure of unity. / AFP PHOTO / Munir UZ ZAMAN

වසර 70ක කාලයක් තම රාජ්‍යයේ සිහසුන දරමින් සිට දිවියෙන් සමුගත් භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ වියෝව දරාගත නොහැකිව දහස් ගණන් තායිලන්ත ජනතාව ශෝකවෙමින් සිටිති.

අවුරුදු 88ක් ආයු වළඳා භූමිබෝල් රජු ජීවිතක්ෂයට පත්වූ ඊයේ දිනයේ මැදියම් රාත්‍රිය දක්වාම ජනතාව බැංකොක් නුවර වීදිවල කඳුළු සලමින් වැළපෙමින් සිටි බව විදෙස් වාර්තා පවසයි.

සිකුරාදා සවස රජුගේ දේහය බැංකොක් නුවර එමරල්ඩ් ආරාමය වෙත ගෙනඒමට නියමිත අතර, තායි රජය විසින් දැනටමත් රජුගේ අභාවය වෙනුවෙන් වසරක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

එමෙන්ම, සියලු ධජ මාසයක කාලයක් අඩකුඹු කර තැබීමටත්, මාසයක කාලයක් සියලු විනෝදාස්වාදී උත්සව නැවැත්වීමටත් තායිලන්ත රජය ඉල්ලීමක් කර තිබේ.

තායිලන්තය වසර ගණනාවක් පුරා මුහුණදුන් විවිධ දේශපාලන කුණාටුවලදී ඒවා සමනය කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකළ භූමිබෝල් රජු තායිලන්ත වැසියන්ට අනුව මිහිපිට පහළ වූ දෙවියෙකි.

ඒ නිසාම, එරට ව්‍යවස්ථාවෙන් තායිලන්ත රජු වෙත සීමිත බලයක් වර්තමානයේදී හිමි වුවද, භූමිබෝල් අදුල්යාදේජ් යනු එරට සියලු සමාජ ආර්ථික සංවර්ධනයන්ගේ මහා අඩිතාලම බව තායිලන්ත වැසියෝ මහත් භක්තියෙන් අදහති.

මේ අතර, භූමිබෝල් රජුගේ ඇවෑමෙන් ඉටුන්නට හිමිකම් කියන මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු එරට නව රජු ලෙස පත්වනු ඇති බවත්, මේ පිළිබඳ නිල නිවේදනය ඉදිරි දිනකදී ප්‍රකාශයට පත්කෙරෙන බව තායිලන්ත අගමැති රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසීය.

තායිලන්ත රාජකීය ඔටුන්නෙහි හිමිකරු ලෙස තම වගකීම් ඉටුකළ හැකි බව වජිරාලොන්ග්කෝර්න් කුමරු මේ වනවිටත් තහවුරු කර තිබුණත්, අභාවප්‍රාප්ත පිය රජතුමා වෙනුවෙන් තම හදපිරි ගෞරවය දැක්වීමට වැඩි කාලයක් ලබාදෙන ලෙසද වජිරාලොන්ග්කොර්න් කුමරු ඉල්ලා ඇති බවද අගමැතිවරයා පැවසීය.

වැඩි කාලයක් විදේශගතව සිට ඇති දැනට 64 වැනි වියෙහි පසුවන වජිරාලොන්ග්කෝර්න් කුමරු සිය පියා වූ භූමිබෝල් රජු තරම් ජනතාව අතර ජනප්‍රිය චරිතයක් නොවූවත්, ඔහු සිය පියාගේ අඩිපාරේ ගමන් කරනු ඇති බව බහුතර තායිලන්ත වැසියන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here