තායිවාන ජනාධිපතිනිය යුක්රේනයට ආධාර පිණිස තම වැටුප පරිත්‍යාග කරයි

0
246

සතියක් ඉක්මවූ රුසියා-යුක්රේන යුද්ධයෙන් පීඩාවට පත්වූ යුක්රේන වැසියන් ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්ය. මේ නිසාම ඔවුන් වෙනුවෙන් ලොව නන් දෙසින් ආධාර උපකාර ගලා එන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එවැනි ආධාර අතර එක් විශේෂ දෙයක් සිදු වී තිබෙනවා. ඒ තමයි, තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන් මහත්මිය, තම මාසික වැටුප යුක්රේන ජනතාවට සහන සැපයීම වෙනුවෙන් පරිත්‍යාග කර තිබීම. ඒ වගේම එම ක්‍රියාව ආදර්ශයට ගෙන තායිවානයේ උප ජනාධිපති සහ අගමැතිවරයාද තම මාසික වැටුප් යුක්රේනයට මානුෂීය ආධාර ලෙස පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මෙි අනුව තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග් වෙන් පැවසුවේ තමාගේ මාසික වැටුප යුක්‍රේන ජනතාවට සහන සැපයීම සඳහා පරිත්‍යාග කරන බවය.

තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග් වෙන් පැවසුවේ තමාගේ මාසික වැටුප යුක්‍රේන ජනතාවට සහන සැපයීම සඳහා පරිත්‍යාග කරන බවය.

මේ අතර යුක්රේන වැසියන් වෙනුවෙන් ලොව නන් දෙසින් ආධාර ගලා එයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here