Saturday, September 21, 2024

තායි දේශ සීමා විවෘත කරයි

රටවල් 10ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ලබන පළමුවනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට තායිලන්ත රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා සඳහන් පවසන්නේ දැනට අඩාළ වී ඇති සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවයි.

මේ අනුව මහා බ්‍රිතාන්‍යය, චීනය, ජර්මනිය, අමෙරිකාව ඇතුලු රටවල් 10ක සිට පැමිණෙන සංචාරකයන්ට ලබන පළමුවනදා සිට තායිලන්තයට ඇතුලුවිය හැකි වනු ඇති.

2019 වසරේදී මිලියන 40 ක් සංචාරකයන් පැමිණි තායිලන්තයට මෙම වසරේ මුල් මාස 08 දී පැමිණ තිබුණේ සංචාරකයන් 70,000 ක් පමණයි.

කොවිඩ් වසංගතය හමුවේ දේශ සීමා වසා දැමීමත් සමග 2020 වසරේදී සංචාරක ක්ෂේත්‍රයෙන් එරටට අහිමිවී තිබූ මුදල ඩොලර් බිලියන 50 කට අධිකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles