Tuesday, September 24, 2024

තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති – ජනපති

මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා සිතුවම් නිර්මාණය කිරීමේ  වැඩසටහන් දකින්නට ලැබේ. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරනුයේ තරුණ පිරිස් විසිනි.

විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබේ.
ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම ක්‍රියාව පිලිබදව සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මෙලෙස නගර අලංකරණයට කැපවෙන තරුණ ප්‍රජාව වෙත සිය ස්තුතිය හා ප්‍රණාමය පළ කරන බවයි.
ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සටහන…
“තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමණක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී. සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles