තැපැල් වර්ජනයෙන් මිලියනයකට අධික ලිපි ගොඩගැසේ

0
436

පසුගිය 19දා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් ගෙවීගිය පැය 12ක කාලය තුළ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි වාර්තා වේ.

මීට අමතරව ප්‍රාදේශීය කාර්යාලවල තවත් ලිපි ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති අතර, සිදුකරන වැඩවර්ජනය හේතුවෙන් සියලුම තැපැල් කටයුතු ඇනහිට ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මූලික ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සඳහන් කරයි. මේ පිළිබඳව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ වැඩවර්ජන ක්‍රියාවලිය නිසා වැඩකටයුතු අඩපණ වී ඇති බවයි.
(අද)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here