Saturday, January 18, 2025

තිරිඟු පිටි මිලත් උඩ යයි

සෙරන්ඩිබ් සමාගම අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි ඉහළ දමා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 35 කින් ඉහළ දමා ඇති බවට සෙරන්ඩිබ් සමාගම පවසනවා.

ප්‍රීමා සමාගමද තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 40 කින්ය.

තිරිගු පිටි කිලෝවක් මිට ප්‍රථම රු 120 කට අලෙවි වු අතර , නව මිල අනුව තිරිගු පිටි කිලෝවක සිල්ලර මිල රු 160 දක්වා ඉහල යන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ඩොලරයේ මිල ඉහල යාම සහ ඉන්ධන මිල වැඩිවිම තිරිගු පිටි මිල වැඩි විමට හේතුව වි ඇති බවත්,එම සමාගමේ නිලධාරියෙකු පැවසිය.

තවද මෙතෙක් රු 140 ක සිල්ලර මිලකට අලෙවි වු සිනි කිලෝවක් රු 175 කටත්,රු 720 කට අලෙවි වු පොල්තෙල් කිලෝවක් රු 1000 කටත් , රු 295කට අලෙවි වු රතු පරිප්පු කිලෝවක් රු 350 කටත් (11) දින හැටන් ප්‍රදේශයේ සිල්ලර සහ තොග වෙලදුන් අලෙවි කරනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles