Saturday, November 16, 2024

තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කරයි

තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇතැයි සමුපකාර සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ (5) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹුණු බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

තිරිඟු පිටි මිල කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස රුපියල් අසූ හතක් රජය නියම කළේ 2016 වසරේදී බවත් තිරිඟු පිටි මිල වැඩි කරන ලෙස සමාගම් කාලයක සිට රජයෙන් ඉල්ලීම් කළ බවත් ඔහු පැවසුවේය.

ජනතාව මේ මොහොතේ සිටින දුෂ්කර තත්වය සලකා මොනම ආකාරයකටවත් පිටි මිල වැඩි කිරීමට ඉඩනොදෙන බවද අලගියවන්න මහතා කීවේය.

මේ අවස්ථාවේදී පාන් පිටි මිල වැඩි කළහොත් බේකරි ආශ්‍රිත නිෂ්පාදන සියල්ල වැඩි වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පාන් පිටි මිල වැඩි නොකළ නිසා බේකරි ආශිත නිෂ්පාදන වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද සඳහන් කළේ‍ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles