තිරු නඩේසන් පැන්ඩෝරා චෝදනා ප්‍රතික්ෂේප කරයි

0
496

ආන්දෝලනාත්මක ලෙස වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රිකා මගින් තමන්ට එල්ල වී ඇති විදේශ වත්කම් සම්බන්ධ චෝදනා තිරුකුමාර් නඩේසන් මහතා ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පසුගිය සිකුරාදා (15) පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමිනි. සිකුරාදා දෙවැනි දිනටත් අල්ලස් කොමිසමට පැමිණි තිරැකුමාර් නඩේසන් පැය හතරක් එහි රැඳී සිටිමින් විමර්ශන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දුන්නේය.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් සතු දේශීය වත්කම් සියල්ල පිළිබඳ තොරතුරු විවෘතව හෙළිදරව් කළ හැකි බවත් එහෙත් පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වත්කම් රැස්කිරීම් වලින් බහුතරයක් බොරු චෝදනා බවත්ය. අල්ලස් හෝ දූෂණ කොමිසමට අවශ්‍ය නම් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකරන ලෙසද ඔහු කොමිෂන් සභාවට දන්වා ඇතැයි වාර්තා වේ.
පැන්ඩෝරා පත්ත්‍රිකාවල නම සඳහන් තිරුකුමාර් නඩේසන් මහතාගේ බිරිඳ වන හිටපු රාජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂද අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත අතර එම කැඳවීම සඳහා සිතාසි ලබන සිකුරාදා යවන බවද එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here