Friday, September 20, 2024

තිස්ස අත්තනායකට අනුව පාර්ලිමේන්තුවේ කෙටුම්පත් කාර්යාලයේ ජාත්‍යන්තර බෙදුම්වාදී සහ ඉස්ලාම් අන්තවාදී බලවේග වල බළල් අතක් ක්‍රියාත්මකයි – වසන්ත බණ්ඩාර

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධානය නමින් සංවිධානයක් සංස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාගයේදී අනාවරණය වූයේ එම කෙටුම්පත ගැසට් කිරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි.

ඒ පිළිබඳව දි අයිලන්ඩ් පුවත් පත තිස්ස අත්තනායක මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ තමා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු කෙටුම්පත් කාර්යාලයේ ඉල්ලීම මත බවයි.ඒ පිළිබඳව අප එම නඩුවේ පෙත්සම්කරු වූ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගෙන් විමසන ලද අතර පහතින් පළ වන්නේ  ඔහු ඊට ලබාදුන් පිළිතුරයි.

“ජාත්‍යයන්තර බෙදුම්වාදී බලවේග සහ ඉස්ලාම් අන්තවාදී බලවේග වල වුවමනාවන් ඉටු කරණ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට මීට පෙර අවස්ථා දෙකකදී ගනු ලැබූ උත්සාහයන් ව්‍යයවර්ථ වීමෙන් පසුව එය නැවත ඉදිරිපත්කිරීම සඳහා තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේ කෙටුම්පත් කාර්යාලයේ යම් පුද්ගලයෙකු විසින් නම් ඔහු ජාත්‍යයන්තර බෙදුම්වාදී බලවේග සහ ඉස්ලාම් අන්තවාදී බලවේග වල අනිවාර්යෙන්ම බළල් අතක් විය යුතුයි.නීතිපතිගේ අනුමැතිය නොමැතිව පනත ගැසට් කිරීමද බරපතල ප්‍රශ්නයක්.කතානායකවරයා වහාම මේ පිළිබඳව විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles