Wednesday, December 25, 2024

තීන්ත විශේෂඥයකු වූ දකුණු මහ ඇමති නිල් පාටින් නා ගනී

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ජුලි 04 දින වැලිගම නගරසභා රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සඳහා දැනටමත් වැලිගම නගර ශාලාව තීන්ත ආලේප කර නවීකරණය කරයි.
මේ වන විට නගර සභාව විසුරුවා ඇත. එහි ලේකම්වරිය හා කාර්මික නිළධාරීන් මෙම ශාලවේ ඇති කණු වල ඇති නිල් පාට ඉරක් සුදුපාටින් වර්ණ ගන්වා ඇත. අනෙක් සියළු ස්ථානවල පෙර පරිදිම නිල් පාට ඇත.
මෙයට කිපුන හිටපු සභාපතිවරයා ලේකම්වරියට තර්ජනය කර තිබේ.
අවසානයේ ඔහු මහ ඇමතිවරයාට දන්වා ඇත.
ඒ අනුව පෙරේදා උදැසනම  ගාල්ලේ සිට වැලිගම නගර සභාවට කඩිමුඩියේ දිවගෙන ආ දකුණු පළාත් පාලන කොමසාරිස් දිලේකා කුඩහෙට්ටි මහත්මිය නිළධාරීන්ට බැන වැදී තිබේ.
වහාම එම ඉර නිල්පාට කරන ලෙස දන්වා ඇති ඇය ‘ඇයි මාරුවීමක් අවශ්‍ය දැයි’ නිළධාරීන්ට තර්ජනය කර ඇත.
මේ පිළිබඳව නිළධාරීන් බලවත් කණස්සල්ලට පත්ව සිටී. මේ පිළිබඳව විවිධ දේශපාලබඥයින් කොමසාරිස්වරියගෙන් හා මහ ඇමතිතුමාගෙන් විසා ඇති මුත් ඔවුන් පිළිතුරු දීමෙන් මගහැර සිටී.
මංගල ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් උපුල්සිරි මහතා කොමසාරිස්වරියගෙන් විමසූ විට ඇය කියා ඇතිතේ සුදු පාට නොගැලපෙන බවයි.
පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ නිළධාරයෙකු ගෙන් අප විමසූ විට ඔහු කීවේ කොමසාරිස්වරිය වර්ණ ගැලපීම පිළිබඳ විශේෂඥයකු නොවන බවත් එහෙත් ඇය මහ ඇමතිතුමාට අවශ්‍ය අයුරින් ගැලපීමට කටයුතු කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles