තුන්වනදා විදුලිය විසන්ධි වීමක් සිදු කරන්නේ නැහැ – රංජන් ජයලාල්

0
273

ලබන 3 වනදා ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී සේවකයින් රැසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතාවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

කෙසේ නමුත් එදිනට විදුලිය විසන්ඳි කිරීමක් සිදුවන බවට මේ වනවිට ප්‍රචාරය වන විවිධ පුවත් අසත්‍ය බවත් ඒ අනුව කාර්යාල වැඩබිම් නියෝජනය කරන සේවකයින් පමණක් උද්ඝෝෂණය සඳහා සම්බන්ධ වන බවයි ඔහු සඳහන් කළේ.

බලාගාර සේවකයින් මේ සඳහා සම්බන්ධ නොවන බවද රංජන් ජයලාල් එසැණ වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here