Sunday, September 22, 2024

තුන්වන එන්නත ඇනවුම් කරන්න
– විපක්ෂ නායක

රටේ පුරවැසියන්ට කොවිඩ් මර්දන තුන්වැනි එන්නතද ලබා දිය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.ඒ සඳහා අවශ්‍ය එන්නත් කල් නොගෙන වහාම ඇනවුම් කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

ඒ හැරුණු කොට මේ වන විටත් එන්නත් ලබා නොගෙන ඇති සියලු දෙනාටම එන්නත ලබාදීමට ක්‍රියා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

ආණ්ඩුව මේ මොහොතේ රටේ පවත්නා ඇත්ත තත්ත්වය රටට හෙලිදරව් කළ යුතු අතර එසේ නොකොට අසත්‍ය හා මිත්‍යාව ජනතාව අතර පැතිර වීම නතර කරන ලෙසද විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන “විපක්ෂයෙන් හුස්මක්” සහ ජන සුවය ව්‍යාපෘතිය හරහා ලක්ෂ 640 ක රෝහල් උපකරණ ලබාදී ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles