Friday, September 20, 2024

තුන්වන පාර්ශවයක් යටතේ පොහොර පරික්ෂා කරනවාට විරුද්ධයි

මෙරටට ගෙන්වන පොහොර සාම්පල තුන්වන පාර්ශ්වයක් යටතේ පරීක්‍ෂා කරනවාට තමා විරුද්ධ බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

තුන්වන පාර්ශ්වයක් අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් රටවල් දෙකක යුද්ධයක් ඇති වුවහොත් එය සමනය කිරීමට බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

දේශීය විද්වතුන් සහ විශේෂඥයන් පොහොර පිළිබඳව තත්ත්ව පරීක්‍ෂණ කර ඒ පිළිබඳව දෙන නිර්දේශ අපි පිළිගත යුතු බවත්, තුන්වන පාර්ශ්වයක් ඒ සඳහා අවශ්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

චීනයට තියා වෙනත් කුමන රටකටවත් බලහත්කාරයෙන් මෙරටට වැලි ඇටයක් දමන්නවත් කිසිම අයිතියක් නැති බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles