Sunday, September 22, 2024

තුන්වන මාත්‍රාව දෙන්න ඉක්මන් නොවුණොත් ජනවාරියේ සිට අනතුරේ – GMOA

කොවිඩ් විකෘති ප්‍රභේදයක් වන ‘ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් සමාජයේ පැතිර ඇති නිසා “බූස්ටර්’ එන්නත් මාත්‍රාව ලබා දීම කඩිනම් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ජනවාරි මාසයේදී රට විශාල ව්‍යවසනයකට මුහුණ දෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයා කොවිඩි අමතක කර කටයුතු කරන බවත් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කරන බවත් පවසන එම සංගමය ඒ නිසා කොවිඩ් දත්ත පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද කියයි.

කොවිඩ් සැබෑ තත්ත්වය නිවැරදිව වටහා ගනිමින් කටයුතු කිරීම තුළින් මෙම වෛරසයට සාර්ථකව මුහුණ දිය හැකි වුවත් මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා එය පසෙකලා දේශපාලන න්‍යාය පත්‍රයකට කොටු වී කටයුතු කරන බවත් ඒ නිසා සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද පැවසීය.

මෙරටින් ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් හතළිස් ගණනක් ගැන වාර්තා වෙනවා. නමුත් ඔමික්‍රෝන් ගැන ලැබෙන දත්ත පිළිගන්න බැහැ. අද රජයත්, ජනතාවත් සැබෑ කොවිඩ් අවදානම අමතක කරලා.

කොවිඩ් ගයිඩ් ලයින් කවුරුවත් පිළිගන්නේ නැහැ. සංගීත තියනවා. උත්සව තියනවා. මේ තත්ත්වය යටතේ ‘ ́මික්‍රෝන්’ ට වඩා භයානක තවත් විකෘති ප්‍රභේද මෙරටින් මතු විය හැකියි.

මේ වන විට රටේ සියයට පනහකටත් අඩු සංඛ්‍යාවකට තමයි ‘බූස්ටර්’ එන්නත් මාත්‍රාව ලබා දී තිබෙන්නේ. මේ පවසන ඔමික්‍රෝන්’ අවධානමට මුහුණ දීමට නම් ‘බූස්ටර්’ එන්නත රටේ ජන ගහනයෙන් සියයට හැත්තෑවක් හෝ එය ඉක්මවා ලබා දීමට පියවර ගත යුතුයි.‘ඔමික්‍රෝන්’ පමණක් නෙවෙයි.

ඔනෑම භයානක ප්‍රභේදයක් ́ඔනෑම වෙලාවක ඉස්මතු විය හැකියි. එහෙම වුණොත් වෛරසයට මුහුණ දෙන්න එන්නතේ බලපෑම කුමනාකාර වෙයිද කියලත් සෙවිය යුතුයි.

මේ අතර එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට සමගාමීව නව මෘදුකාංගයක් සහ කේත අංක හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම කටයුතු අවසන් වූ විගස පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට පමණක් පොදු ස්ථානවලට ප්‍රවේශ වීමට අවසර හිමිවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

මේ මාසය අවසන් වීමට ප්‍රථම එම කටයුතු අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles