Wednesday, October 16, 2024

තුර්කියේ දී නිරැවත් කෙරෙන ඇෆ්ගන් සරණාගතයෝ

තුර්කියේ සිටින ගමන් බලපත්‍ර නොමැති ඇෆ්ගන් සරණාගතයන් එරට හමුදා සහ පොලිසියේ විවිධ වධහිංසාවන්ට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.

පොලිසිය අපව අල්ලා ගත්විට අපට දරැණු ලෙස පහරදී ඇතැම් විට මිනිසුන්ගේ ඇඳුම් ගලවා ඔවුන්ව නිරුවතින් ආපසු එවනවායැයි එම සරණාගතයන් උපුටා දක්වමින් Tolo News වාර්තා කර තිබේ.

තුර්කියේ සැඟවී සිටින ඇෆ්ගන් සරණාගතයින්ට අනුව ඔවුන් තුර්කියට රැගෙන ඒම වෙනුවෙන් මිනිස් ජාවාරම්කරුවන්ට විශාල මුදලක් ගෙවා ඇත.

එහෙත් තුර්කියේ දී එරට හමුදාව සහ පොලිසිය විසින් රඳවා ගනු ලබන සරණාගතයින් නැවත ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කිරීම සිදුවන බවත් මේ නිසා එම සරණාගතයන් මහත් බියට පත්ව සිටින බවත් පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles