තුර්කි විදේශ ඇමති අද දිවයිනට…

0
381

තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් කවුසොග්ලු මහතා නිල සංචාරයක් සඳහා අද(14) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව ඔහු මෙම සංචාරයේ නිරත වන බවයි.

තුර්කි විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන අය ද හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

දෙරටේ සහයෝගීතාව ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මෙරට විදේශ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කෙරෙනු ඇත.

තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් කවුසොග්ලු මහතා ලබන 16 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here