තුර්කි විදේශ ඇමති දිවයිනට

0
286

තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මෙව්ලුට් චැවුෂෝලු මහතා නිල සංචාරයක් සඳහා අද (28) දිවයිනට පැමිණියේ ය.

අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණි ඇත.

ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

එක්දින නිල සංචාරය අවසන් කරමින් අද පස්වරුවේ ඒ මහතා ඇතුළු ධූත පිරිස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here