Saturday, June 29, 2024

තුර්කි ‍විදේශ ඇමැති අද මෙරටට

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර තිබෙන ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා තුර්කි විදේශ කටයුතු ඇමැති මෙව්ලට් කවුසොග්ලු (Mevlüt Çavusoglu) මහතා අද (14) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

රජයේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන ඒ මහතා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද ඇමැති මලික් සමරවික්‍රම මහත්වරුන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර දෙරටේ සහයෝගීතාව වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් තුර්කි විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත අතර රාජ්‍යතාන්ත්‍රික පුහුණුව සහ තොරතුරු හා ප්‍රලේඛන හුවමාරුව සම්බන්ධයෙන් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව ද මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ද එම අමාත්‍යාංශය කියයි.

මේ ගිවිසුමට අත්සන් කිරීමත් සමඟම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට මෙන්ම දේශපාලනික, ආර්ථික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles