තෙදින නිල සංචාරයකට ජනපති මැලේසියාවට

0
307

මැලේසියානු රජයේ නිල ආරාධනාවකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (15) පස්වරුවේ මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උළෙල, සංස්කෘතික ප්‍රසංග හා ආහාර ප්‍රදර්ශනයක් නැරැඹීමට ද ජනාධිපතිවරයා මෙහි දී එක්වනු ඇත.

මේ අතර මේ සංචාරයේ දී දෙරටට වැදගත් නව වෙළෙඳ ආයෝජන අවස්ථා දියුණු කිරීමේ ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද එළැඹීමට නියමිතය. මේ නිල සංචාරයේ දී ජනාධිපතිවරයා දෙරට අතර පවත්නා සබඳතා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් මැලේසියානු රජු හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පවත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here