Friday, September 20, 2024

තෙල් ගන්න සල්ලි නැති නිසා ආයෙම සපුගස්කන්ද වැහෙයිලු

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 3 වැනිදා සිට යළිත් වසාදැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මුදලට බොර තෙල් ලබාගැනීමේ හැකියාවක් නැතත් ණයට බොරතෙල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව කී ඇමතිවරයා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඉන්ධන වර්ගය ලබාගැනීමට දින 90කට පෙර ඉල්ලුම් කළ යුතු බවත්, විකල්ප තෙල් වර්ග ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවත් කීවේය.

එසේ ලබාගැනීමට නොහැකි වුවහොත් ජනවාරි 3 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 20 ක කාලයක් පිරිපහදුව වසාදමන්නට සිදුවනු ඇතැයි සඳහන් කළේය.

එමෙන්ම කෙසේ වෙතත් ජනවාරි 23 සිට අඛණ්ඩ බොර තෙල් ලැබීමක් සහතික වී තිබෙන නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ මෙතෙක් අවදානමක් නැතැයි ද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ කොළඹ දී (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ඉන්ධන ආනයනය සඳහා මාසිකව ඩොලර් කෝටි 36 ක් පමණ අවශ්‍ය බව කී ගම්මන්පිල මහතා ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සොයාගැනීමේ අභියෝගය මේ වන විට උච්ඡ ස්ථානයට පැමිණ ඇතැයි ද පැවසීය.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය හා ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් විසින් අපට රුපියල් බිලියන 96ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 65ක් පමණ තෙල් සංස්ථාවට ගෙවීමට ඇතැයි කී ඇමතිවරයා ඩොලර් සොයාදෙන ලෙස එම සමාගම් දෙකටම දැනුම් දී තිබෙන බව ද කීවේය.

ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමතිවරයා කීය.

ඉන්ධන මිල වැඩිකරන ලෙස මහබැංකුව මුදල් ඇමතිවරයාට දැනුම්දීමක් කර ඇතැයි ද කී ඇමතිවරයා පෙට්ට්‍රල් රුපියල් 35කින්, ඩීසල් 24කින් සහ භූමිතෙල් 11කින් වැඩි කර ඉල්ලුම පාලනය නොකළොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව ඔවුන් දැනුම් දී ඇතැයි ද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles