Sunday, September 22, 2024

අඛණ්ඩව ඉන්ධන සැපයුමක් දෙන්න බෑ – තෙල් තියෙන්නේ තව මාස 2කට විතරලු !

ඉන්ධන ඇත්තේ ලබන ජනවාරි මාසය තෙක් පමණක් බවත්, වහාම මිල වැඩි කිරීමක් හෝ ඉන්ධන සදහා මුදල් අමාත්‍යංශයෙන් සහනයක් ලබා නොදුනහොත් සංස්ථාව බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.

ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ මේ වනවිට තෙල් සංස්ථාව බිලියන 83ක පාඩුවක් දරමින් සිටින බවකි.

එමනිසා වහාම මීට විසදුමක් ලබා දෙන ලෙස ගම්මන්පිල මහතා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික ලෙස කළ හැක්කේ ඉදිරි මාස දෙක සඳහා පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.

ඒ නිසා ඉන්ධන මිල අර්බුදයට විසඳුමක් ලබා දෙන්නැයි ඔහු මුදල් ඇමති වරයාගෙන් ඉල්ලා ඇති අතර විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ආනයනය කිරීමේ දී තෙල් සංස්ථාව මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පාන ඇති බවද තමන් දැනුම් දුන් බව බලශක්ති ඇමති ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ආනයනය සඳහා බදු සහනයක් හෝ මිල සංශෝධනය මෙම ගැටලු විසඳුමක් විය හැකි බවත් ලංකා ඉන්දියන් තෙල් සමාගම මිල වැඩි කිරීමක් සිදු කළ හොත් එය තෙල් සංස්ථාවට බලපෑමක් ඇති කරන අතර එවිට වැඩි පාරිභෝගිකයින්ට තෙල් සංස්ථාවේ ඉන්ධනහල් හාම මගින් සංස්ථාවේ පාඩු වැඩි වන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම වසරේ මුල් මාස නවය තුළදී තෙල් සංස්ථාව රුපියල් බිලියන 83 ක පමණ පාඩුවක් ලබා ඇති අතර වසර අවසානය වන විට පෙර නොවූ ලෙස රුපියල් බිලියන 120 දක්වා පාඩු වැඩි විය හැකි බවත් ඔහු පැවසීයත

මේ අතර පළාත් අතර සංචරණ තහනම ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් බස් සේවා ආරම්භ වීමට නියමිත බැවින් ලබන බ‍්‍රහස්පතින්දායින් පසු මෙරට ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles