තෙල් තියෙන්නේ සවස 2 වෙනකං විතරයි. සපුගස්කන්ද යළි අක්‍රීය වීමේ අවදානමක් !

0
341

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද දක්වා පමණක් වීම හේතුවෙන් තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.

බලාගාරය තුළ දැවි තෙල් පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ.

කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර ඇති අතර සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතාවක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා.

දිනකට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 286ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, ඒ සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ත් 1800ත් අතර ප්‍රමාණයක් වැය වනවා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලද ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 06ක කාලයකට ප්‍රමාණවත් බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු, නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රියව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here