තෙල් මිල ඉදිරියේදී වැඩි කරන්න වෙයි

0
303

දැනට පවතින තෙල් මිල ඉදිරියේදී සංශෝධනය කිරීමට සිදුවනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඉදිරියේදී ඉන්ධන මිලේ විශාල ඉහළයාමක් සිදුවන බවට මීට පෙර අමාත්‍ය උදය ගම්මන්පිල ද කියා තිබුණි.

යුක්රේනය හා රුසියාව ඇතිවී අතර ඇති යුද්ධ උණුසුමට සමගාමීව ලෝකයේ ඉන්ධන මිල විශාල ඉහළ යාමට ලක්ව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ තත්ත්වය මත ශ‍්‍රී ලංකාවේද ඉන්ධන මිල ඉහල යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන අවසන් තීන්දුවක් ගෙන නැතැයි ද ඔහු පවසයි.

දැනටමත් ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන්නේ විශාල පාඩුවක් දරා ගනිමින් බවද පැවසූ ඔහු නැවතත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසිය ද ජනතාවට ලබාදිය යුතු බවට රජය දැඩි ස්ථාවරයක සිටින බවද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

“ලෝක වෙළඳපලේ තෙල් මිල විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙනවා.ඒ යුක්‍රේනය සහ රුසියාව පවතින යුධමය තත්ත්වය හේතුවෙන්.මේ නිසා රට තුළ තෙල් බෙදා හරින සමාගම් දෙකම දැඩි පාඩු ලබනවා.ඒ නිසා ඉදිරියේදී යම් වෙනසක් වෙන්නපුළුවන්,නමුත් අපි තීරණයක් තවමත් අරගෙන නැහැ.ලෝක වෙළඳපලේ තෙල් මිල යළි අඩු වුනොත් එහි වාසිය ජනතාවට ලබා දෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here