Thursday, January 16, 2025

තෙල් මිල වැඩ් කිරීමට විරුද්ධව ජනතාව වීදි බැසීම හමුවේ කසක්ස්තාන කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙි

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි ජනතා විරෝධතා හමුවේ කසකස්තාන කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ඉන්ධන මිලට එරෙහි විරෝධතා හේතුවෙන් මීට පෙර කසකස්ථානයේ ඇල්මටි නුවරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ.


ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඇති වූ මහජන විරෝධතා හේතුවෙන් කසකස්තාන් ආණ්ඩුව ඊයේ (5 දා) ඉල්ලා අස්වී තිබේ.

රට පුරා ප්‍රචණ්ඩ පෙළපාළි ක්‍රියාත්මක බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

නව වසරේදී ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) මිල ඉහළ දැමීමෙන් පසු කසකස්තානය පුරා විරෝධතා ඇති වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

එරට මෝටර් රථ සඳහා ඉන්ධන ලෙස LPG බහුලව භාවිතා වීම මෙම ගැටුම් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි එම වාර්තා පෙන්වා දී ඇත.

ඉන්ධන නිපදවන මධ්‍යම ආසියානු රටක් වන කසකස්තානය පැරණි සෝවියට් දේශයට අයත් රටක්ව පැවතිණි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, විශාල බලශක්ති සංචිතයකට හිමිකම් ඇති තෙල් හා ගෑස් අපනයනකරුවෙකු වන කසකස්තානය මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීම අසාධාරණ බව පවසමින් දහස් ගණනින් ජනයා මෙම විරෝධතාවලට එක්ව ඇති බව ය.

එරට විශාලතම නගරය වන අල්මාටි සහ බටහිර පළාතේ මැන්ජිස්ටෞ ප්‍රදේශයෙහිදී ජනතාව මෙලෙස වීදි බැස දැඩි විරෝධතාවල නිරත වී ඇත.

ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සහ රථ වාහනවලට ප්‍රහාර එල්ල කරමින් මෙම ජනතාව වීදි හරහා ගමන් කර ඇත.

එම අවස්ථාවේදී විරෝධතාවල නිරත වූ 5,000කට වැඩි පිරිසකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ආදිය එල්ල කිරීමත් සමග එම ප්‍රදේශයෙහි ගැටුම් උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

එම විරෝධතා අතරතුර පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම වාර්තා සඳහන් කළේ ය. 

කසකස්තානයේ ජනාධිපතිවරයා ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගෙන ඇත්තේ, ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධතා පැවැත්වෙන පසුබිමකදී ය.

ඇති වූ උද්ඝෝෂණ නිසා පොලීසියේ සියයක් පමණ තුවාල ලබා තිබිණි.

ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයත් ඉල්ලා අස්වුවත් එරට අගනුවර ගැටුම් නැවතී නැත. බැංකු හා වෙළඳසල් ද ගිනි තබා අති බව සී. එන්. එන්. රූපවාහිනිය වාර්තා කර තිබිණ.

මෙලෙස ගැටුම් උත්සන්න වෙමින් පැවති අතරතුර ජනාධිපති කසීම්-ජෝමාර්ට් ටෝකායීව් විසින් අගමැති අස්කාර් මාමින්ගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම පිළිගනු ලැබ ඇත.

මේ අතර පවතින විරෝධතා මර්ධනය කිරීම එරට පොලීසියට දැඩි අසීරු කාර්යයක් වූවා.

පොලීසිය විරෝධතා වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීස් නිලධාරීන් අතර ගැටුම් ද හටගෙන ඇති බව සඳහන්.

එහි දී කිහිපදෙනෙකු මියගොස් ඇති බව ද පැවසෙනවා.

මේවන විට කසක්ස්තානයේ ප්‍රධාන නගරවල පාලනය විරෝධතාකරුවන් අත පවතින බවත්, එරට විශාලතම නගරයවන අල්මටි නුවර ගුවන් තොටුපොල පවා විරෝධතාකරුවන් අත්පත් කරගෙන ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම එරට රාජ්‍ය ගොඩනැගිලි මෙන්ම පරිපාලන ගොඩනැගිලි ද විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා.

මේවන විටත් ඇතැම් ගොඩනැගිලි ගිනිගනිමින් පවතින බව වාර්තාවන අතර ඒ අතර එරට රාජ්‍ය රූපවාහිනී සේවයේ ගොඩනැගිල්ල ද පවතින බව සඳහන්.

එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ විරෝධතාකරුවන් පුළුල් දේශපාලන වෙනසක් ඉල්ලා සිටින බව යි.

මෙම තත්ත්වය හමුවේ කසක්ස්තානයේ ප්‍රදේශ රැසකට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

එහෙත් එම ඇඳිරිනීති තත්ත්වය නොසලකා හැරීමට යි විරෝධතාකරුවන් පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම රට පුරා අන්තර්ජාල බිඳවැටීමක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේවන විට පවතින තත්ත්වය මත ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව ද ගැටළුකාරී බවක් හටගෙන ඇතත්, කුමක් සිදුවුව ද තමන් අගනුවර හැර නොයන බව ඔහු පවසනවා.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්, මිලිටරි සන්ධානයක්වන ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ ආරක්ෂාව පතන බව යි.

මේ අතර කසක්ස්තානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා රුසියානු හමුදාව ද පැමිණ ඇති බව ද වාර්තා වූවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles