යම් හෙයකින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වුවහොත් එය දැවැන්ත අගයක මිළ වැඩි වීමක් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනාවැකි පළ කරනවා.
කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලෝක වෙළෙදපලේ ඉන්ධන මිළ වැඩි වුවද ආණ්ඩුව එම පීඩනය ජනතාවට ලබා දී නොමැති බවයි.