Monday, September 23, 2024

තෙල් සංස්ථාවත් LP ගෑස් වෙළඳාමට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පිරිපහදු නිෂ්පාදන උපයෝගි කරගනිමින් එල් පී ගෑස් ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවන පරිදි එම සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද පිරිපහදුව මඟින් LP ගෑස් මෙට්‍රික් ටොන් 70 සිට 90 දක්වා ප්‍රමාණයක් දිනකට නිපදවනු ලබන අතර එය රටේ ඉල්ලුමෙන් 5%ක් වේ.එසේම, දිනකට බැරල් 10,000ක ධාරිතාවයකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සහ දැනට පවතින පිරිපහදුව වැඩිදියුණු කිරීමට මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර, එකී සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී.

එම සැලසුම් සකස් කිරීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තුන්වන තරගකරුවෙකු ලෙස ගෑස් වෙළදපොළට පැමිණීමේ වැදගත්කම මතයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පිරිපහදු නිෂ්පාදන උපයෝගී කර ගනිමින් ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු (LP ගෑස්) ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකි වන පරිදි එම සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles