Friday, January 24, 2025

තෙල් සංස්ථාව බාල තෙල් ආනයනය කරන්නේ නෑ – සභාපති

ලංකා ඛනිජ තෙල් සංස්ථාව බාල තෙල් ආනයනය නොකරන බවත් පෙට්‍රල් ප්‍රමිතියෙන් තොර බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කරන්නේ 2014 වසරේ තාක්‍ෂණ කමිටුවක් ලබාදුන් නිර්දේශයක් අනුව බව කී සුමිත් විජේසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෑම ඉන්ධන පිරවුම්හලක තියෙන පෙට්‍රල් ඔප්ටේන් 92 බව සහතික කරන බව ද සඳහන් කළේය.
ඉන්ධන ආනයනය කිරීමට පෙර නැව්ගත කරන වරායේදී ස්වාධීන පරීක්‍ෂකයෙක් පරීක්‍ෂා කරන බවත් ආනයන කර පසු වරායේදී ලබාගන්නා සාම්පළ ස්ථාන දෙක පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රමිතිය සහතික කිරීමෙන් පසුව රට තුළට ගැනීමට අවසර දෙන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා කීය.
ශ්‍රී ලංකාවට 2014 වසරේ ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කිරීමට තීරණය කළ බව කී සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඔප්ටේන් 92කට වැඩි ප්‍රමිතියෙන් යුක්ත බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles