Sunday, September 22, 2024

තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට විතරක් ලක්ෂ 500ක් වැය කරලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි.

සංස්ථාව පිහිටි ගොඩනැගිල්ලට සවිකර තිබී ආරක්ෂක කැමරා යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තිබියදී අලුතින් මෙම කැමරා සවිකර තිබෙන බව සඳහන් වෙයි.

රුපියල් මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සඳහා බරපතල මුදල් හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවක ආරක්ෂක කැමරා සවි කිරීමට මෙම මුදල වැය කර ඇතැයි කියති.

මෙම සංස්ථාව පිහිටි තට්ටු පහක ගොඩනැගිල්ල පුරාම ආරක්ෂක කමර සවි කර ඇති අතර නිලධාරින්ගේ කාමරවලට අධිතාක්ෂණික ආරක්ෂක කැමරා සවිකර ඇති බව ද වාර්තා වෙයි.

Gossip Lanka News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles