තෙල් හා ගෑස් කැණීමට අලුත් සමාගමක්

0
298

අද (26) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ 
ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීම් සඳහා පිහිටුවන නව සමාගම යටතේ, මෙරටට 15% ක හිමිකාරිත්වය ලබාදෙමින් විදේශීය සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඛනිජ තෙල් ගවේෂණයට හා කැනීම සඳහා මෙරටට පැමිණෙන සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම රජයේ හවුල්කරු සමග කටයුතු කිරීම මෙහි අරමුණ බවත් , මෙම සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් යටතේ පිහිටුවීමට සූදානම් බවත් ය.

මේ අතර , 15% ක හිමිකාරිත්වය හා අධ්‍යක්ෂක තනතුරද මෙම සමාගමට හිමිවෙයි.

තෙල් හා ගෑස් කැනීම්වලින් උපයන ලාභයෙන් කොටසක් ලංකාව සතු වන අතර , මෙම විෂය පිළිබඳව තාක්ෂණික දැනුම ලබා ගැනීමටද මේ හරහා හැකියාවක් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here