තෙල් හිඟයක් නෑ.දෙසැම්බරය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර අවසන් – තෙල් සංස්ථාවෙි සභාපති

0
332

ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් අද දිනයෙන් අවසන් වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ රටතුළ මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බවයි.

ජනතාව කලබලයට පත් කරන ප්‍රකාශයක් හේතුවෙන් ඉකුත් දින කිහිපයේදී දෛනික ඉන්ධන ඉල්ලුම ඉක්මවා ඉන්ධන ලබාගැනීම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3,200ක් පමණ බෙදා හරිනු ලබනවා. එහෙත් ඊයේ දිනයේ අතිරේකව පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 600ක්ද බෙදා හැරි බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසා සිටී.

දෛනිකව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 5,200ක්ද බෙදා හරින අතර ඊයේ දිනයේ තවත් අතිරේක ඩීසල් තොගයක්ද බෙදා හැරි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන බෙදාහැරීම රාත්‍රී 10 ඉක්මවන තුරුත් ක්‍රියාත්මක කර ඇති අතර බෙදා හැරීමේ බවුසර් ප්‍රමාණය ද වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here