තෙල් හිඟයක් නෑ කී ඇමති ජොන්ස්ටන් පෝලිමෙි තෙල් ගහගෙන

0
398

රටේ ප්‍රමාණවත් තරමි ඉන්ධන තිබෙන බවත් කිසිඳු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය.

අනවශ්‍ය ලෙස තෙල් පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී ඇති බවත් එනිසාම තමන්ද පෝලිමේ සිට තෙල් ලබා ගත් බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් තෙල් හිඟයක් එන බව පවසමින් ජනතාව අපහසුතාවට පත් කරන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම වත්මන් රජය හිඟයකින් තොරව තෙල් සපයන බවත් ,එම නිසා තෙල් නැතිවේ යයි කියන බියෙන් කලබල නොවී සිටින ලෙසත් ඇමතිවරයා ඉල්ලා සිටියා.

ජනතාව හදිසිවී ඉන්ධන පෝලිම්වලට යෑම කිසිම තේරුමක් නැති වැඩක් බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෙල් පිරිපහදුව වසා දැමීම සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here