තෙල් හිඟයක අවධානමක් තියනවා ඒත් තෙල් හිඟයක් නෑ – ගම්මන්පිල

0
320

රට තුල කිසිදු ඉන්දන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි. අද (21) ඉන්ද පිරවුම්හල් අසල උද්ගතවී තිබු තත්වය හමුවේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙලෙස සඳහන් කලේය.

“එකම දේ 108 වතාවක් කියුවාම ඒක ඇත්තක් වෙනවා කියලා පරණ ගැමි විශ්වාසයක් තියෙනවා ඒ නිසා මන්දා පසුගිය මාස 04 පුරාවට වරින් වර ඛනිජ තෙල් වෘත්තිය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලඥයිනුත් තෙල් හිඟයක් ඇතිවෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. පසුගිය මාස 04ටම මේ අය කියුව තෙල් හිඟය ඇතිවුනේ නෑ. මම පොරොන්දු වෙනවා රටේ තෙල් හිඟයක් තියනවානම් මම කලින් රටට කියන්නම් කියලා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වැනිදා මම රටට කියුවා බොරතෙල් හිඟයක් ඇතිවීමේ අවධානමක් තියනවා කියලා නමුත් ඒක නැතිකරගන්න අපි කටයුතු කරමින් යනවා ඒනිසා ඒක ප්‍රෙට්‍රල් සහ භූමිතෙල් වලට බලපාන්නේ නෑ. නැවත වතායක් කියන්න තියන්නේ රටේ කිසිම තෙල් හිඟයක් නෑ බොරුවට කළබල වෙන්න එපා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here