තෙල් හිඟය පෙන්වා පාම් ඔයිල් තහනම ඉවත්කරගන්නට ව්‍යාපාරිකයෝ සටනක

0
3786

පොල් තෙල් ඇතුළු ආහාරයට ගන්නා තෙල් වර්ග වල රටේ ඇතිවී තිබෙන හිඟය පෙන්වා පාම් ඔයිල් තහනම ඉවත් කරගන්නට ප්‍රධාන පෙලේ තෙල් ආනයනකරුවෝ කටයුතු කරමින් සිටිති. ඒ සඳහා තෙල් හිඟය පාම් ඔයිල් පිටරටින් ගෙන්වා නැතිකල යුතු බවට මේ වන ඔවුන් සමාජ මතයක් නිර්මාණය කරමින් පවතී. පාම් ඔයිල් ශරීර සෞඛ්‍යට අහිතකර නැති බව පවසමි ප්‍රධාන පෙලේ විද්වතුන් හරහා මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට ඔවුන් විසින් දියත් කර තිබේ. මේ මාධ්‍ය මෙහෙයුමට ඔවුන් විශාල ලෙස මුදල් යොදවා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව පැවසේ.

මේ වන විට රටේ ඇතිවී තිබෙන පිළිකා වැඩිවීමට ඍජුවම බලපා ඇත්තේ පාම් ඔයිල් බව පැවසේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම රාජාසන කතාව මගින්ද ප්‍රකාශ කලේ පාම් ඔයිල් තහනම් කරන බවය. මෙරට බිස්කට් හා රසකැවිලි වර්ග රැසකට පාම් ඔයිල් යොදන අතර මේ වන විට ජනතාව අතර එවැනි ආහාර වර්ග වලින් ක්‍රමයෙන් ඉවත්වීමක් දක්නට ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here