Sunday, November 17, 2024

තෙවරප්පෙරුමට එරෙහිව මව්පිය-ගුරුවරු විරෝධතාවක

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් විවිධ බලපෑම් කර ළමුන් 10 දෙනෙකු මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කළ බවට චෝදනා කරමින් එම විද්‍යාලයේ ගුරුවරුන් සහ මව්පියන් පිරිසක්  විරෝධතාවයක නිරත වී තිබේ.

මේ හේතුවෙන් අද දිනයේ එම විද්‍යාලයේ ඉගැන්විම් කටයුතු සිදු නොවූ බව සඳහන්ය.

අද පෙරවරුවේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට රැස්වූ ගුරුවරුන් සහ මව්පියන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට දැඩි අප්‍රසාදය පළ කළ බව වාර්තාකරු පැවසුවේය.

කෙසේ වුවද නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී නිරාහාරව සිදුකළ උපවාසය ඊයේ අවසන් වූයේ අදාළ පාසලට එම ළමුන් සියලු දෙනාම යළි ඇතුළත් කර ගැනීමට විදුහල්පතිවරයා පියවර ගැනීමෙන් පසුවය.

මේ අතර මේ හේතුවෙන් තෙවරප්පෙරුම මහතා සියදිවි නසා ගැනීමට තැත් කළ අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ද ඇතුළත් කළ බව වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles