Sunday, November 17, 2024

තෙවරප්පෙරුමට නඩු

සියදිවි හානිකර ගැනීමට උත්සහ කල බව කියන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවප්පෙරුමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වැඩ බලන පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ ඊට අදාල නිතිය ක්‍රියාමර්ග ගැනීමට අවශ්‍ය කටුයතු මේ වන විට සූදානම් බවයි.

සියදිවි නසා ගන්න ගිය තෙවරප්පෙරුම රෝහලේ – update

මීගහතැන්න ප්‍රාථමික පාසලට සිසුන් ඇතුළත් නොකිරීමට එරෙහිව පාලිත තෙවරප්පෙරුම සිය දිවි හානි කර උත්සහ කර තිබේ.

ඒ අනුව ඔහු බෙල්ලට රෙදි පිටියක් දම එම රෙදි පටිය විදුලි පංකාවක ගැට ගසනු ලැබීය.

පසුව මන්ත්‍රීවරයා  කළුතර රෝහලට අතුළත්කල බව ද වාර්තා වෙයි.

ළමයින් 10 දෙනෙකු අසාධාරණ ලෙස මීගකිවුල පාසලට ඇතුළත් කර නොගත් බවත් ඔවුන්ව වහාම එම පාසලට ඇතුළත් කර ගන්නා ලසෙත් සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය 27දා විරෝධතාවක් ආරම්භ කළේය.

පසුව 28දා එය උපවාසයක් දක්වා වර්ධනය වූ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ ගැටලුවට විසදුම් නොදෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද මතුගම නගරයේ සිට මීගහකිවුල පාසලට පාගමනින් ගමන් කළේය.

සම්බන්ධයෙන් පැවැත් වූ උපවාසය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් අවසන් කළ අතර, සිසුන් දසදෙනා එම පාසලට ඇතුළත් කර ගැනීමද අද සිදුවිය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles