Friday, January 24, 2025

තෙවරප්පෙරුම ආණ්ඩුවෙන් ඉවතට

මීගහතැන්න ප්‍රාථමිකයට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණයකට එරෙහිව මතුගම කලාප කාර්යාලය ඉදිරිපිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක්  ආරම්භ කළ විරෝධතාවට අද (29දා) පිිළිතුරක් ලබා නොදෙන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා කියයි.

එසේම තමන් සමග පාලින්ද නුවර, වළල්ලාවිට, නියාගම, මඳුරාවෙල ප්‍රාදේශීය සභා හිටපු විපක්ෂනායකවරුන්ද යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වෙන බවද ඔහු කියයි.

මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය අසල ආරම්භ කළ උද්ඝෝෂණය ඊයේ (28දා) උදෑසන සිට මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනයවිය.  එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසුවේ, අදාළ බලධාරීන් ඊයේ දහවල් වනතුරුත් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්, ඉල්ලීම් ඉටු වනතුරු මෙම මාරාන්තික උපවාසය අත් නොහරින බවත්ය.

මෙම විරෝධතාව පෙරේදා (27දා) අාරම්භ කළේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles