Thursday, January 16, 2025

තෙෂාර ජයසිංහ ලිට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කෙරේ. නව සභාපති රේණුක පෙරේරා

ලිට්‍රෝ සමාගමේ සභාපති සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද (13) දිනයේ දී ඉන් ඉවත් කෙරෙනු ඇති අතර සමාගමේ නව සභාපතිවරයා ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කිරීමට නියමිතව ඇති බව පැවසේ.

ගෑස් හිඟය සහ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කෙරෙන බව පැවසේ.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ඥාතියෙකුද වන රේණුක පෙරේරා මහතා මීට ඉහත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිව තනතුර දරා ඉන් ඉවත්වූ අයෙකු වන අතර මින් ඉහත කොලොන්නාව නගර සභා මන්ත්‍රී ධූරයක් දැරුවේය.
ලක්ෂ 20කට අධික වැටුප් හා දීමනා ලබාගන්නා තෙෂාර ජයසිංහ  ඉවත් කර රේණුකට එම තනතුර පිරිනැමීමට අදාළ ලියකියවිලි මේවනවිට සකස්වෙමින් පවතින බවද වාර්තාවේ.

රේණුක පෙරේරා මීට පෙර නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල අතර එම ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූයේ රාජ්‍ය ඇමති සමග ඇති වූ මත ගැටුමක් හේතුවෙනුයි.

එමෙන්ම රේණුක පෙරේරා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයාද වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මුතුරාජවෙල – මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වන පසුබිමක මෙම ඉවත් කිරීම සිදුකර තිබීම විශේෂත්වයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles