Friday, January 10, 2025

තේරේසා මේ බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට

අප යුරෝපා සංගමයෙන් වෙන්වූවා සේ, අපට ලෝකය තුළ වඩාත් පැහැදිලි ස්ථානයක් කරා ස්ථිරව ඉදිරියට ගමන් කළ හැකි වනු ඇති බව ජාතිය අමතමින් බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී තේරේසා මේ පවසා සිටියාය.

ඊයේ (13දා) සන්ධ්‍යාවේදී බකිංහැම් මාලිගයේදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජින හමුවූ අවස්ථාවේදී නව රජයක් පිහිටුවීම සඳහා මහ රැජින සිදුකළ ඇරයුම පිළිගනිමින් තෙරේසා මේ මෙලෙස බ්‍රිතාන්‍ය අගමැතිවරිය බවට පත්වූවාය. මේ සමගම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දෙවැනි කාන්තා අගමැතිවරිය බවට පත්වීමට ඇය භාග්‍යවන්ත විය.

අගමැතිවරිය ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව තෙරේසා මේ සිය ස්වාමියා වන පිලිප් මේ සමග ලන්ඩන් නුවර ඩවුනින්ග් වීදියේ අංක 10 පිහිටි බ්‍රිතාන්‍ය අගමැති නිල නිවස වෙත තමාට හිමිවූ අගමැති නිල රථයේ නැගී පැමිණ එරට අගමැති වශයෙන් ප්‍රථම වරට ජාතිය ඇමතීය.

uk 7 uk 6 uk 5 uk 3 uk 2 uk 1

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles