Friday, September 20, 2024

තේ අපනයනයේ පහත වැටීමක්

මේ වසරේ ජනවාරි මාසයේ මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 19.38 දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 7 කින් පමණ පහත වැටී තිබෙනවා.

එහිදී මෙරට තේ වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ රුසියාව සහ ඉරාකයයි.

චීනය මිලදී ගත් තේ ප්‍රමාණය පසුගිය වසරේ ජනවාරියේ වාර්තාවූ කිලෝග්‍රෑම් මිලියන 1.5 ට සාපේක්ෂව කිලෝග්‍රෑම් හත්ලක්ෂ 38,000 දක්වා පහත වැටී තිබෙනවා.

මෙරට තේ නිෂ්පාදනයද ජනවාරි මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.82 දක්වා පහත වැටුණා.

කෙසේ නමුත් තේ කිලෝග්‍රෑමයක් සඳහා පසුගිය ජනවාරියේ පැවති ඩොලර්3යි ශත 30ක සාමාන්‍ය මිල මේ වසරේ ජනවාරියේදී ඩොලර් තුනයි ශත පනහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles