තේ කර්මාන්තය අවදානමක ? – රුසියාවට හා යුක්‍රේනයට තේ අපනයනය නවතී

0
476

මෙරට තේ ලබා ගන්නා විශාලතම තෙවැනි ගැනුම්කරුවා වන රුසියාවට සහ යුක්‍රේනයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තේ අපනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

පවතින යුදමය වාතාවරණය හමුවේ එම රටවලට තේ අපනයනය කිරීමේදී මුදල් ලබා ගැනීම පිළිබඳව ගැටලූ මතුවීම සහ නැව් සමාගම් එහි ගමන් කිරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

රුසියාව යනු ශ්‍රී ලංකාවේ තේ ආනයනය කරන තෙවැනි විශාලතම ගැනුම්කරුවා වන අතර වසරකට තේ කිලෝ ග්‍රෑම් මිලියන 30ක් පමණ රුසියාවට අපනයනය කරනු ලබයි.
රුසියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් නැව් ගමනාගමනය සීමා වීමත් මූල්‍ය හුවමාරු ගැටලුවත් ඊට හේතු වී ඇත.

2021 වර්ෂයේ රුසියාවට තේ අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 150ක් උපයා ඇති යුක්‍රේනයට තේ අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 22ක් උපයා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here