Wednesday, January 15, 2025

තේ කිලෝ 100 ට ආණ්ඩුවෙන් පොහොර කිලෝ 40 ක් දීමට රජය තීරණය කරයි

තේ දළු කිලෝ 100 ට පොහොර කිලෝ 40 ක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.


රසායනික පොහොර තහනම් කිරීමෙන් පසු ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන සහනදායී ක්‍රමවේදයකට අනුව තේ වගාව සඳහා රසායනික පොහොර ලබාදෙන ලෙස තේ ගොවීන්ගෙන් දිගින් දිගටම ඉදිරිපත් වූ ඉල්ලීම් නිසා රජය එම තීරණයට එළැඹුණු බව එම අමාත්‍යාංශය පැවසීය.


පොහොර වෙළෙඳුන් ගොවීන්ට දරාගත නොහැකි මිලකට පොහොර අලෙවි කිරීම නිසා තේ ගොවීන් විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවත් රජය එම තීරණය ගැනීමෙන් පසු දැනටමත් තේ ගොවීන් සඳහා සහනදායි මිලකට පොහොර ලබාදීමට කටයුතු කර ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles