දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනියේදී සිදුවූ අනතුරකින් පියා (39) සහ දියණිය (4) මියයයි ; තිදෙනෙකුට තුවාල

0
511

දක්ෂිණ අධිවෙගී මාර්ගයේ 18.2 R කිලෝමීටර් කණුව ආසන්නයේ දී කතරගම සිට බණ්ඩාරගම දක්වා පැමිණෙමින් තිබු මෝටරථයක් මිල්ලනිය,ගැලනිගම ප්‍රදේශයේදී රියදුරාට නින්දයාත් සමග මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටි මාර්ගයේ පෙරලීයෑමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අද (15) අලුයම 1.30ට පමණ මිල්ලනිය 18 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

අනතුරින් බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දියණිය සහ ඇගේ පියා යන 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.මව හා තවත් දියණියක් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා හොරණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෘත ශරීරයන් නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. දක්ෂිණ අධිවේගී මාර්ග ගැලනිගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here