Thursday, January 16, 2025

දකුණු අප්‍රිකාවේ වවුලන් අතරේ ව්‍යාප්ත වන බිහිසුණු NeoCov වෛරසය ගැන වූහාන් පර්යේෂකයන් ලොවට අනතුරු අඟවයි

NeoCov යන නමින් හැඳින්වෙන කොරෝනා පවුලට අයත් තවත් කොරෝනා වෛරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අඟවා තිබෙති.

මුල් කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ ව්‍යාප්ති හැකියාවක් ඇති මෙම ප්‍රභේදය මෙතෙක් හමුවී ඇති වඩාත් මාරාන්තිකම කොවිඩ් ප්‍රභේදය වියහැකි බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.

එම වෛරස ව්‍යාප්තිය වවුලන් ආශ්‍රයෙන් සිදුවන අතර එය තවමත් මිනිසුන්ට ආසාදනය වී නොමැත. මේ වනවිට NeoCov කොරෝනා වෛරසය  ව්‍යාප්තවන්නේ දකුණු අප්‍රිකාවෙන් හමුවුණු වවුලන් අතරේ පමණි.

NeoCov වයිරසය තවත් එක් විකෘතිකරණයකට ලක්වුවහොත් එය බොහොම පහසුවෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වීමේ හැකියාව ඇති බව වූහන් වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති.

එමෙන්ම NeoCov කොරෝනා වෛරසය  සතුව, සාර්ස් (SARS) සහ මර්ස් (MERS) කොරෝනා වෛරස එකතුවක් ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙයි.

ක්ෂීරපායි සතුන් අතර පැතිර යන වෛරසයක් ලෙස කොරෝනා වෛරසය හඳුන්වයි. ඒවා විකෘති වී මනුෂ්‍යයන්ට බෝ වී, පසුව මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තවූ අවස්ථා ලෙස සාර්ස් (SARS) සහ මර්ස් (MERS) සැලකිය හැකිය.

චීන විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට අනාගතයේ NeoCov කොරෝනා වෛරසයද ලෝකයට බලපෑම් කරනු ඇත. මෙය කොවිඩ් වෛරසයට වඩා බිහිසුණු වෛරස තත්ත්වයක් බවට පත් විය හැකි බවත් ඔවුහු පුරෝකතථය කරයි.

ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ සියයට 35ක පමණ ඉහළ මරණ අනුපාතිකයක් ඇති කළ හැකි මෙම වෛරසය මිනිසුන් අතර පැතිර ගියහොත් දැවැන්ත විනාශයක් ඇති විය හැකි බවය.

මේ වනවිට වුහාන් විද්‍යාඥයන් ඔවුන් NeoCov වෛරසය ගැන ලබා ගත් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය NeoCov වෛරසය වෙත යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘කොවිඩ් 19’ වෛරසයේ මූලාරම්භය ලෙස සැලකෙන්නේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයයි. එය වුහාන් නුවර පිහිටි චීන රජයට අයත් හමුදාව යටතේ ක්‍රියාත්මක වන වෛරස පර්යේෂණාගාරය තුළ නිපදවූවක් බවට ද චෝදනා එල්ල වී ඇත.

ඒ බව තහවුරු නොවුණත්, මෙම පර්යේෂණාගාරයේ කොරෝනා වෛරසය  යොදා ගනිමින් පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදුවන බව රහසක් නොවෙයි.

NeoCov වෛරසය සම්බන්ධයෙන් අනතුරු අඟවා  ඇත්තේ ද මෙම වූහාන් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles