දකුණු අප්‍රිකාව,නැම්බියාව,බොස්ට්වානා,ස්වාසිලන්තය ඇතුළු රටවල් කිහිපයක ගුවන්මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම් කෙරේ

0
606

අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා,ඇන්ගෝලාව,මොසැමිබික්,සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීම තහනම් කර තිබේ.

දකුණු අප්‍රිකාවෙන් මතුව ඇති බවට හඳුනාගෙන ඇති භයානක ‘ඔමික්‍රොන්‘ නව කොවිඩ් ප්‍රභේදය නිසා මෙම පියවර ගෙන ඇත.


දැනට ගමන් වාරයොදාගෙන තිබූ අද පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බවටද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ය.
අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුම තහනම්ය

අද දිනයේ පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.

අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුම තහනම් වනු ඇත.

එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇති රටවල සිට පැමිණෙන අයටයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට එම මගීන්ට මෙරටට පැමිණීම තහනම් කර ඇත සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here