දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වේ

0
402

දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් ජගත් සංවිධානය දැනුවත් කර ඇති අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය අප්‍රිකානු රටවල් කෙරෙහි වෙනස් ආකාරයකින් සැලකීම ඉන් ඉවත්වීමට හේතුව ලෙස එරට රජය පෙන්වා දෙයි.

සුඩානයේ ජනාධිපති  ඕමාර් අල් බෂීර් අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

කෙසේ නමුත්, පසුගිය වසරේ ජොහැනස්බර්ග් නුවර පැවති අප්‍රිකානු සංගමයේ රැස්වීමකට සහභාගි වෙමින් සිටි ඔහු අත්අඩංගුවට ගැනීම දකුණු අප්‍රිකානු රජය ප්‍රතික්ෂේප කලේය.

දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගැටුම් සදහා සාමකාමී විසදුම් ලබා ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මැදිහත්වීම බාධාවක් වන බවයි.

කෙසේ නමුත්, දකුණු අප්‍රිකාවේ මෙම තීරණය හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here