Monday, October 28, 2024

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදී හෙට (26) ආරම්භවීමට නියමිතය.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එම තරගාවලිය පැවැත්වීම කෙරෙහි දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරින්ගේ දැඩි අවදානය යොමුව ඇති බවද වාර්තා වේ.

එම කණ්ඩායමේ පුහුණු සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොවිඩ් -19ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 23 වනදා නව සංචිතයක් ප්‍රකාශ කෙරුණි.

එහිදී ඉන් පෙර පැවති සංචිතයේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද ඉවත් කර තිබේ.

කොවිඩ් -19 බලපෑම හේතුවෙන් දකුණු අප්‍රිකානු – එංගලන්ත තරගාවලිය ද ආසාර්ථක විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles