Tuesday, September 24, 2024

දකුණු ආසියාවේ අඩුම මිලට ගෑස් දෙන රටවල් හතර අතරට ශ්‍රී ලංකාවත්

ලෝක වෙළෙඳ පොළේ එල්.පී ගෑස් මිල ඉහළයාමත් සමඟ මෙරට මිල ගණන් ඉහළ දැමුවත් දකුණු ආසියාවේ අඩුම මිලට ගෑස් අළෙවි කරන රටවල් හතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ය.

මේ මොහොතේ දී දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් මාලදිවයින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල 3,250ක් වන අතර එරට ගෑස් කොලෝවක මිල 260ක් බවට පත්ව ඇත. බංග්ලාදේශයේ ගෑස් කොලෝවක මිල 247කි. ඒ අනුව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක එරට මිල රුපියල් 3,082 කි. පාකිස්තානයේ ගෑස් කිලෝවක මිල 240ක් දක්වා ඉහළ දමා තිබෙන අතර ඒ අනුව කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක එරට මිල රුපියල් 3,004 කි.

කෙසේවෙතත් භූතානයේ ගෑස් කිලෝවක මිල රුපියල් 169 මට්ටමින්ද, නේපාලයේ කිලෝවක මිල රුපියල් 169 මට්ටමින්ද ඉන්දියාවේ(නවදිල්ලි මිල)කිලෝවක් රුපියල් 165 මට්ටමින් නියමව තිබෙන අතර ඒ අනුව ඒ රටවල් තුනේ මෙරට අලෙවි කරන ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පිළිවෙළින් රුපියල් 2344, රුපියල් 2058, රුපියල් 2114 ලෙස පවත්වාගෙන යමින් තිබේ.එළඹෙන සීත සමයත් සමඟ ලෝකයේ මිල ගණන් තවත් ඉහළයාමේ අවධානමක් මතුවී තිබෙන අතර එය පොදුවේ සියලුම රටවල්වලට දැඩිලෙස බලපා ඇතැයි වෙළද පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles